සසර

මෙහෙණිය

දිග ම දිගු මේ සසර, අතරමඟ ලඳ මනු බවට, රැවටී රැවටී හඹා යන, මනු සතුන් නොවෙද අප…. හඹා යන ආශාව නිසරු බව දුටුවාම, ඇති දෙයක් නැතුවම පොඳි ගහන මනුවන් දුටුවාම, සසර අඟ දුටුනු වස්, සිතිණි සිවුරක් ගත ලන්න…. ~තාරු~

වරා මලේ…

සැහැල්ලුවෙන් ඔබ නිති නිති පාවෙයි මා හද නම් වූ අහස් තලේ සුළඟ නිසාමද ඈතට යන්නේ කියන් ඉතින් මට වරා මලේ…   පාවෙන විට ඔබ සිතේ යමක් මට සිතමින් සිතමින් හදම සැලේ ඈතට යන්නේ කුමක් කියන්නද මට තව නොහැඟේ වරා මලේ……