සිංහලේ

ඔක්කොම දැන් එක ව ලේ!

කලක් තිබුණි අදුරුව මිනිසුන් ජාතිවාදයයෙන්, ආගම්වාදයෙන් උමතුව අන් ආගම්, ජාතීන් කොන්කර තම මතය පමණක් රජකරවන්නට වෙහෙසුණු සියලු මිනිසුන් එකම ජාතියක් යයි දෙසූ මුනි දෙසූ දහමට එරෙහිව ඇවිලෙව්වා මුලු රටම ජාතීවාදී ගින්නෙන් සොබාදහමට තවත් මේ විහිලු ඉවසනු නොහැකිව ඉගැන්වූවා පාඩමක් බිහිසුණු විලාසෙන්…

සිංහලේ …

බෝතලේ අතේ දුම ඇත කටේ ගෙරි මස බඩේ සිංහලේ ? අනේ, පලයන් බන් මලේ … හැදියන් පුතේ… කිව්වට, වැඩක් නැහැ අඩේ දුවගේත් අතේ අද බෝතලේ ඇතේ… රිදුමක් ඇතේ හදවත කොනේ.. නොදකිමි තවත් සිව්හෙලෙන් සැදි අපේ සිංහලේ… කියපන් මලේ තිබුනොත් කොහේ…