disaster

අතරතුර

ජීවිතත් බිළිවෙලා පවුල් අවතැන්වෙලා රටම අතරමංවෙලා එත්, කුහකකම් රජවෙලා කෑම පැකට්ටුව පවා වතුර බෝතලය පවා යනෙන ගමන් දන්දුන්නා නමුත්, වෙනකෙනෙක් නමගත්තා පන්සලෙත් බත් ඉව්වා පල්ලියේත් බත් ඉව්වා කුසගින්න නිවිලගියා සමහරෙක්, අන්තවාදය වැපිරෙව්වා ආධාර ගලා ආවා සිතට සැනසුම ආවා අමාරුවෙන් හරි…

භේද නැතිව..

වැස්සටත් තිබුණානම් ජාති ආගම් භේද… දුප්පත් පොහොසත් භේද.. නැත එසේ කිසි භේද…. සිංහල දෙමළ මුස්ලිම් සැමට එක ලෙස සලකයි වැස්ස… එලෙසම සිතා අප සැම.. නැගිටිමු ශ්‍රී ලංකා ජන ලෙස… එක මවකගේ… නොතකා ජාතී භේද..   ගං වතුරෙන් විපතට පත් වෙලා…