loneliness

නිමවිය තනිකම

අනවසරයෙන් කුටියට එන අඳුරට ඉඩ් නොදී දැල්වුණ ඉටිපහන හෙට නුඹ සිටින්නේ කොහේ කොතනද කවුලුවෙන් ඇදෙන දඟකාර නල රැළි ඇවිළෙන සිතට රහස් කොඳුරනු කුමට නොදන්නා ලෙස සරා සඳ හෙට වඩින බව තනියහනට

ඉඩදෙන්න

ආලවන්ත කවි ඇසක කඳුලක්ව මට ඉන්න ඉඩදෙන්න ප්‍රේමයේ පරමලක රොන් සුවඳ හැරයන්ට පෙර විඳගන්ට ඉඩදෙන්ට සංසාර කලුවරට තනිකමක් බෝවෙන්න හුදකලා හිත පිරෙන සුසුම වී හමුවන්න ඉඩදෙන්න රැළි නඟන කඳුලු දොර කොපුල් මත ඉදිවෙන්න නුඹේ ඇඟ ගෑ සුවඳ වරින් වර විඳගන්න…