love

මහත්තයෝ…

මහත්තයෝ මේ අහන්න… ආදරෙයිනෙ මම ඔයාට  හිතට දුකක් එපා දෙන්න සංසාරෙම ළගින් ඉන්න දුක් කරදර හැම දෙයක්ම බෙදා හදන් ඔයත් එක්ක හැමදාමත් දිවි ගෙවන්න මං ඉන්නවා ඔයා ලගම

ප්‍රේමයක නිමාව!

මේ අපේ ආදරේ කොළ හැලෙන කාලයයි ආදරේ විසල් රුක මිය ඇදෙන කාලයයි සත් වසක වසන්තයෙන් ග්‍රීෂ්මය උදාවෙන කාලයයි   හැරයන්න අවසරයි ඔබව ගිවිසගත් විලස පෙර දිනක සුභ පතමි ඔබට මම තනිවෙන්න ගිම්හානය තුළ   සත් වසක් වසන්තය තුළ පෙම් කළා…

උල්කාපාතිනී

තාරකා නිවුන අහස් කතරේ සඳ නැති රැයක ගිනිගත්ත උල්කාපාතී.. ආලෝක වර්ෂ ගෙවා ආදර අරමුණක් සොයා චක්‍රාවාට අතරින් පැමිණියා උල්කාපාතී .. කැඩීබිඳීවිසිරුණු හීන අහුරක් සිරකරන් අලුවෙමින්පොළොවට වැටෙනා උල්කාපාතී.. කළුවළාඅතරින් පොළොවට ගිනිඅරන් ආවේ උඹ අනවසරයෙන් උල්කාපාතී.. මා මියෙන බව දැන දැනත් උඹ…

නොදනිමි….

ළඳලු තුරු අග සුවඳ දෙන මුදු මලි පිපෙන විට නුඹට මට මෙන් නැවත අපෙ පෙම සිහිවේද නොදනිමි.   අතින් අත් පටලාන ඇවිදින අහිංසක පෙම් යුවල් දුටු විට නුඹට මට මෙන් නැවත අපෙ පෙම සිහිවෙද නොදනිමි.     අමාවක දිගු රැයක්…

ඉඩදෙන්න

ආලවන්ත කවි ඇසක කඳුලක්ව මට ඉන්න ඉඩදෙන්න ප්‍රේමයේ පරමලක රොන් සුවඳ හැරයන්ට පෙර විඳගන්ට ඉඩදෙන්ට සංසාර කලුවරට තනිකමක් බෝවෙන්න හුදකලා හිත පිරෙන සුසුම වී හමුවන්න ඉඩදෙන්න රැළි නඟන කඳුලු දොර කොපුල් මත ඉදිවෙන්න නුඹේ ඇඟ ගෑ සුවඳ වරින් වර විඳගන්න…

මිලට ගතිමි

නිකිණි සොයන්නට හැකිමුත් ප්‍රේමය සොයන්නට බැරි වේ මුළු දවසක් තිස්සේ මම සිටියෙමි ප්‍රේමය සොයමින් එහෙත් නොදුටුවෙමි කිසි තැනක ප්‍රේමය … අවසන මිලට ගතිමි ප්‍රේමය පදික වේදිකාවේ කොණක විකුණු ප්‍රේමයෙන් බිඳක් එකත් එක්තරා විදියක ප්‍රේමය නොවන්නේද?

ස්නේහයේ සිත

සිත්තරුන් සතු සිත්තමක් මත ප්‍රේමයේ ලොකු වත්කමක් පන්හිදක් ලග ගෙත්තමක් වන ස්නේහයේ සිත රන්මලක් කතාවක් ලග ලතාවක් වන වචනයේ රස විස්කමක් පෙම්වතුන් ලග පෙම් සිනාකැන් මහමෙරක් වන් සැනසුමක් ජීවයක් ලද ජීවිතෙත් අද සිනාවෙන් පිරි රගහලක්