mother

නුඹට මොනවා ලැබේදෝ

සුදු පුතේ නුඹ කුසේ උන්න බව නෑ ජල කඳන් දුටුවේ මගේ පෙර පව් වලට වෙන්නැති මාව අරගෙන යන්න ආවේ නොදුටු හින්දාම වෙන්නැති පුතුත් අරගෙන යන්න වූයේ ලොව දකින්නට පුතුට පින නෑ පුතු දකින්නට මට ද පින නෑ මේ මගේ පවමදෝ…

ඒ නුඹේ අම්මා….

      ඇගේ ලැම හූරා තන පුඩුව විකලා කිරි උරා බීවා බඩ ගින්න හින්දා ඈත් දරාන උන්නා කිරි කැටියා හන්දා සුසුම් පොඩ්ඩක් හෙලුවා සෙනේ ගැඹුරින් හින්දා නිදි නැතුව උන්නා නුඹේ ලෙඩ හන්දා අනේ චූ කරලා නින්දෙන්ම පොඩි එකා නුඹ…

අම්මේ මම දැන් දොස්තර කෙනෙක් …

(වෛද්‍ය සිසුවෙකු හට ඊට වසර කිහිපයකට පෙර වෛද්‍ය විද්‍යාලයට භාර දුන් තමන්ගේම අම්මාගේ මල සිරුර හදිස්සියේම මුණ ගැහෙන සන්වේගී මොහොතක්) දොස්තර නලාව දාගෙන පොරොවන් සුදු කබාය මගේ අම්මේ දන්නවද ලගදි දවසක මමත් දොස්තර… කරපන් පුතේ විද්‍යාව වයසට ගියත් එතකොට ලෙඩ…

අම්මේ…

කෑලි කැපෙනා අදුර රජයන කාලෙකට සැරයක් එන දවසක නුඹ නැතුව ගෙව් පළමු දවසෙම අම්මේ දැනුණා තනිකමක රඟ.. අහම්බෙන් විදුලිය නාපු දින නුඹේ ඇකයේ හිස හොවාගෙන ගිරවියක් මෙන් වෙච්ච දොඩමලු සිහිකළා මම අඳුරේ හිඳගෙන.. නුඹ පතපු හෙට දවස වෙනුවෙන් තනිව ඉන්නට…

අපේ ප්‍රශ්න සහ දෙමව්පියන්

හිතේ මොන තරම් ප්‍රශ්න තිබුනත් අම්මා තාත්තා ඉස්සරහ ඒවා හංගගෙන ඉන්න බලන්න. අවුරුදු ගානක් තිස්සේ හිතට දුකක් නොදී තමන්ව හදපු වපු දෙමව්පියන්ට දුකක් දෙන්න එපා. අම්මලා තාත්තලා කැමති නැහැ කිසිම දෙයක් හින්දා තමන්ගේ දරුවෝ දුක් විදිනවා දකින්න. හිතේ තියෙන තරහ…