poem

බෝගම්බර ….අද.

වල් වැදී ගිය මිදුල… අද පාලුවෙන් මිනිස් පයක පහස නොමැතිව… රූස්සෙට වැඩුණු බෝ මැඬේ දිනපතා මල් පහන් පුද දුන් මල් පහන් අද නැත්තේ මන්දැයි බෝ කොළ එකිනෙකා හා කොඳුරයි.. සෙමෙන් මිය යන තාප්පය…. ගරා වැටෙනා සිර මැඳිරි… අසන්නට නැතිව කටහඬ…

උල්කාපාතිනී

තාරකා නිවුන අහස් කතරේ සඳ නැති රැයක ගිනිගත්ත උල්කාපාතී.. ආලෝක වර්ෂ ගෙවා ආදර අරමුණක් සොයා චක්‍රාවාට අතරින් පැමිණියා උල්කාපාතී .. කැඩීබිඳීවිසිරුණු හීන අහුරක් සිරකරන් අලුවෙමින්පොළොවට වැටෙනා උල්කාපාතී.. කළුවළාඅතරින් පොළොවට ගිනිඅරන් ආවේ උඹ අනවසරයෙන් උල්කාපාතී.. මා මියෙන බව දැන දැනත් උඹ…

නොදනිමි….

ළඳලු තුරු අග සුවඳ දෙන මුදු මලි පිපෙන විට නුඹට මට මෙන් නැවත අපෙ පෙම සිහිවේද නොදනිමි.   අතින් අත් පටලාන ඇවිදින අහිංසක පෙම් යුවල් දුටු විට නුඹට මට මෙන් නැවත අපෙ පෙම සිහිවෙද නොදනිමි.     අමාවක දිගු රැයක්…

රැයයි ඇයයි

අතු රිකිලි නැමුණට  දියට ගඟ අවනත නැහැ තව සඳ රැස්  වැටෙන  රෑ යම කුළුදුල් රාත්‍රිය ගත කරන්නට … උණ පඳුර ළඟ කළුවර හැඩයි තරු සපිරිවර පේන්නට නැහැ ළඟක ඔතරම් කෝලයෙන් මිරිකෙන්නට එපා නොරිද්දා සිබින්නට බැරිය උවනත සිතට රිසිසේ වැළඳ එක්…

සතපන්න ඉඩ දෙන්න

උණුසුමින් රතුව ගිය පියුම් පෙති මෙන් සුසිදු නුබේ දෙතොලෙහි මා දෙතොල් සතපන්න ඉඩදෙන්න හද ගැබෙන් මතුව එන ආදරයේ මියුරු සර විදින්න මගේ හිස නුබේ ළයෙහි සතපන්න ඉඩ දෙන්න සුළං රැල්ලේ හමන උණුසුම් සුසුමේ පැටලෙන්න වෙළී නුබ තුරුලෙහි මාව සතපන්න ඉඩදෙන්න

මා මළ පසු….

මා මළ පසු පෙට්ටියකට තවත් ගසක් කපනු එපා බොරු සෝබන පොලිතින් වැල් පාර දිගට එලනු එපා කුණු මස් වල බෙහෙත් ඔබා මිනියේ හැඩ බලනු එපා චිතක තනා ගිනි දල්වා අහස කිලුටු කරනු එපා ගසට වැලට පොහොරක් ලෙස මා වලලා දමන…