rain

The Rain

වැස්ස අනේ එන්න මහ පොලොව තෙමන්න රස්නෙයි බෑ ඉන්න දාඩියයි සෑහෙන්න කලුවෙනවා පිච්චෙන්න පෑවිල්ල තැම්බෙන්න වැව් අමුණු සිදිලා මෙන්න මොටරේ දාලම කරන්ට් බිල වැඩියි ගෙවන්න පාරට බෑ බහින්න සෙල්ලමක් බෑ කරන්න දවාලෙට ඔෆිස් එක ඇතුලෙවත් බෑ ලගින්න ඉතින් එන්න විගසින්…

කදුලු වැස්ස

තෙමී යටවී ගියත් බිම් මහල ධනවතුන්ට ඇත සැපවත් උඩුමහල පැල්පතක දුගී අසරණයන්ට හිමිවන්නේ පන්සලේ බණ මඩුවය අහිමිව සෙවනට තිබුනු පොල් අතු කැබලිත් කුලී වැඩ කරන දුප්පතාද වතු වැඩ කරන අසරණයන් ද බලා හිදී අහස දෙස කුසගින්නෙන් හඩන දරුවනට සහනයක් ඉල්ලා…

වැහි බිඳුවත් කුහක හිතත්

කේඩෑරි වූ මහා පොළව ඉරිතැලී ගොස් දුක් විදින දවසක වැහි බිඳුවක් වැටී අතුරුදහන් වූ පසු නිමේශයකින් ගිණි පුපුරු පිටවෙන මහා පොළොවක තතු නිවාලන්නට හෙමි හෙමින් පතිත වූ වැහි බින්දු එකින් එක මදි නිසා පිපාසිත රකුසු බිම සංසිදලන්න දවසකුත් දෙකකුත් පහුකරන්…