relationship

අමුතු හැඟීම

ඔබ දන්නවාද දන්නේ නෑ…. මට කියාගන්නත් ඉඩක් නෑ…. නොපෙනීම ඇවිත්, නොදැනිම…. තෙරපෙයි හිත යට හෙමිහිට…. මා නොකියන, ඔබ නොදකින, මෙයයි ඒ අමුතු හැඟීම…. ~තාරු~

නුඹ කොතැන සිටියම මොකද

පින්නට හාදු තියාගෙන ආදරේ වස්සනා අඳුරට තුරුල් වී මුළු හිතම සනසනා අහම්බෙන් හිත කොණක මතකයන් රඳවනා එබී නො එබී හිතට මල් වැහිත් ගෙන එනා ___________________________________ඉ නුඹ කොතැන හිටියම මොකද…. නුඹ ඉන්න බව මම දන්නවා __________________________________

නුඹ කොහිද ???

ගල් ගැහුණු සීතලක නොවුනද …. රත් වෙච්ච දහවලක හමු වුණ   නමුදු….. සීතලම සුළගක්ව සිත පුරා සැරි සැරූ   සිසිලසක් නැති එක රැයක හරිම කලබල දිනක හුගක් දේ කියන්නට තිබුණ එත්, ඇස් දිහා බලාගෙන ආදරේ ගැන නැතුව කතා දාහක් කිව්ව…

ඔබ යලි එනවදෝ …

ආලය හින්ද තම දිවි පුද කල දස්කොන් සිහිවේදෝ ප්රමිලා වෙනුවෙන් ජීවය කැප කල දස්කොන් මම වෙම්දෝ පෙර පින් අහිමිව නැවතත් ඉපදී අප දුක් වින්දිනෙම්දෝ දස්කොන් ප්‍රමිලා නැවතත් අප වී උරුමය කඳුලුමදෝ … සාලිය වී මා ඉපදුන භවයේ ඔබ මාලා වීදෝ…

මිය නොගිය මතක…

  ප්‍රේමයක් ලොව නැතැයි අදහන්න හුරුවෙච්ච කාලයක ජීවිතේ අසීරුම රිදුම් මහ ගොඩක් බර හැඟුම් කර තියන් දුර ගියත් ප්‍රේමයෙන් තොරව ජීවිතෙ ගළපන්න හිත තවත් සවි කළත්   හිත ඇතුළෙ පතුලේම හිරවෙච්ච් ප්‍රේමයට හුරු පුරුදු ගැහැනියගෙ ප්‍රේමයෙන් පිම්බිච්ච මිය නොගිය ආත්මය…

සීතල ආදරය

  සීතලම හිරිගඩු පිපෙන රාත්‍රියක කළුපාට අහස දෙස බලාගෙන තරුකැට එකින් එක ගනිමින් ජීවිතේ පින්පාට සොයන මගේ සිත එකට උන්නත්,, ඔබ එකමගකත් මා තව මගකත් ගමන් කරනයුරු බලා හූල්ලන තරමක්…..   පාට ඉහිරී ගිය වස්සානයක එක්කහු කරන්නට තනන පාට පොඩි…

ඔබෙන් අඩකි මා,, මගෙන් අඩකි ඔබ..

දේදුන්නට පාට ගෑවේ ඔබ, සිහිනවලට අත්තටු දුන්නෙත් ඔබ,, මං කලේ ඔබ දිහා බලන් ජීවිතේ ගැන්න එක පමණය..ජීවිතේ මුදුන් පෙත්තට යන්නට මට උවමනවක් නොවීය… ඔබ නිතරම බලෙන්වාගේ මා ඇදන් යන්නට වෙර දැරුවේය… ඒ ආදරය මට වරමක්ම විය… හුස්මක් හුස්මක් ගානේ මා…

ඔබව සොයමි

විහග තුඩක කිචි බිචි අතරේ නෙලන නෙලන මල් ගොමු අතරේ දකින දකින තරු නෙතු අතරේ ඔබව සොයමි මේ මග දෙපසේ… දසත හමන පවනැලි අතරේ නෙතට ගැටෙන සෙවනැලි අතරේ අහන කියන පද වැල් අතරේ ඔබව සොයමි මේ නෙතු අතුලේ… නෙතට නැගෙන…

සඳකි නුඹ මට …

සමාවනු මැන හිත රිද වූවට ඔබමයි මට මුළු ජීවිතය වුනේ… මුළු ලොව මා හට එරෙහිව ඇතිමුත් මම නැ ඔබගෙන් වෙන්වන්නේ … ප්‍රථම ප්‍රේමයේ තනිවූ මොහොතක ඔබ මා හට සඳක් වුනේ … රත්තරනේ මම ඔබට ගැතිවී උපදින්නම් හැම ආත්මයේ …

දකින දකින ඇස් මිලියන ගණනක් අතරේ

දකින දකින ඇස් මිලියන ගණනක් අතරේ තාමත් මගෙ ඇස් හොයන්නෙ ඔයාව….. පේනමානයේ අහලකවත් ඔයා නැති බව දැන දැනත් පුංචි ඇස් දෙක මහමෙරක් උසට බලාපොරොත්තු බොදි බැදන් තාමත් මග බලනවා…. අතරමග නතර කරලා දාලා ගිය ආදරෙත් අරන් ඔයා එයි කියන අහිංසක…