"Everest (2015)"  සිනමාපටය කරලියට ගෙනා ඛේදනීය සත්‍ය කතාව

"Everest (2015)"  සිනමාපටය කරලියට ගෙනා ඛේදනීය සත්‍ය කතාව

ලොව උසම ස්ථානය වන Everest කදු මුදුන තරණය ලොව ඕණෑම කදු නගින්නෙකුගේ දුෂ්කරම සිහිනය වේ. මේවන විට මෙම සිහිනය හබා ගිය 300කට වැඩි කදු නගින්නන් පිරිසක් එහිදී විවිධ හේතූන් නිසා මියගොස් ඇත. හිම කුණාටු වලට අසුවීමෙන් හා අධික ශීතල දරාගත නොහැකිව විවිධ ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියන් අඩපණ වීමෙන් කදු නගින්නන් ගණනාවකගේ වටිනා ජීවිත එවරස්ට් තරණයෙන් අවසන් වී ඇත. 1996 දී තවත් මෙවැනිම හද කම්පා කරවන ඛේදවාචකයක් එවරස්ට්හී සිදුවූයේ ඉතිහාසයට කදුලක් එක් කරමිනි. 

1996 වර්ෂයේ මැයි මස 10, 11 දිනවල Adventure Consultant නම් කදු නගින්නන් කණ්ඩායමක් Everest මුදුන තරණය කිරීමේ සිය ක්‍රියාන්විතය අරභන ලදී. මෙම කණ්ඩායම කදු නගින්නන් 8 දෙනෙකු මගපෙන්වන්නන් 3 දෙනෙකු (Rob Hall, Mike Groom හා Andy Harris) හා Outside නම් සගරාවේ මාධ්‍යවේදියෙකු වූ Jon Krakauer සමන්විත වූ 12 ගෙන් යුත් පිරිසකි. මැයි 10 වන දින මධ්‍යම රාත්‍රියෙන් මද වෙලාවකට පසු කණ්ඩායම එවරස්ට් හී මුදුන තරණය සදහා ගමන ඇරඹුවේ එහි South Col නම් ස්තානයේ කදවුරු අංක 4 සිටය. ගමනට නායකත්වය දුන්නේ රොබ් හෝක් (Rob Hall) නම් මගපෙන්වන්නා විසිනි.

Adventure Consultant ගමන් ඇරඹීමට ප්‍රතම ස්කොට් ෆිචර් (Scott Fistcher) නම්  කදු නගින්නෙක් නායකත්වය දුන් Mountain Madness කණ්ඩායමද ඔවුන් හා එක්විය. ඔවුන් එක්ව ලොව උසම කන්ද තරණය ආරම්භ කලේ පිරිස වැඩිවන තරමට ගමන ආරක්ෂිතයැයි හැගීමෙන් යුතුවය. එවරස්ට් හී මුදුනට ආසන්නව පිහිටා ඇති Hillary Step නමින් හදුන්වන ප්‍රදේශයට ලංවූ විට ඔවුන් දුටුවේ අනපේක්ෂිත දෙයකි. එහි සවිකර තිබූ ආදරක  (Fixed Lines) සියල්ල කැඩී ගොස් තිබුනි. ඉන් ඉදිරියට යාමට නම් වෙනත් විකල්ප ක්‍රියාමාර්ගයකට යා යුතු විය.  එබැවින් මේ ගවේෂක කණ්ඩායම් දෙක, ලණු යොදා මාර්ගය සදාගැනීමට තීරණයක් ගන්නා ලදී. ඒ සදහා ඔවුන්ට පැයක පමණ කාලයක් ගතවී තිබුනා. එවරස්ට් තරණය කල යුතු කාලය හා සසදනවිට ඔවුන් කදු මුදුනට නැග බැසිය යුතු වේලාව ඔවුන් පසුකර යමින් තිබුණි.

කඳු නගින්නන් 33 ක් පමණ එදිනම මුදුනට පැමිණීමට උත්සාහ කළ නිසා හෝල් සහ ෆිෂර් තම කඳු නගින්නන්ට එකිනෙකාගෙන් මීටර් 150 ක් ඇතුළත රැඳී සිටින ලෙස ඉල්ලා සිටියා. මේ නිසා මුදුනට ලගාවන කාලය තවත් දික්වූ අතර රාත්‍රිය වීමට පෙර නැවත් කදවුරට යා යුතු වුවද දහවල් 2.00 වන විටත් ඔවුන් මුදුනට පැමිණ තිබුනේ නැත. සවස 3 පමණ වන විට ක්‍රමයෙන් එකිනෙකා මුදුනට පැමිනෙමින් තිබුණු අතර ඔවුන්ට හිම කුණාටු තත්වයක ලකුණු දැකගන්නට ලැබුණි. එවරස්ට් තරණයේදී හිම කුණාටු සුලභව හමුවන අතර ආරක්ෂිත ස්තානයකට ගමන් නොකලහොත් තත්වය ඉතා භයානක විය හැකි බව ඔවුන් සියලු දෙනා අවබෝධකර ගෙන සිටි බව වාර්තා වනවා. කදු මුදුනට ලගා වූවන් ක්‍රමයෙන් නැවත බැසීම ආරම්භ කලද අවසාන නගින්නා වූ හැන්සන් (Doug Hansen) තවමත් මුදුනට ලගා වී තිබුනේ නැත. ඔහුගේ උදව්වට හෝල් නතර වූ අතර හෝල් හා හැන්සන් කදු මුදුනින් බැසීම ආරම්භ කරන විට ප.ව 4 පසුවී තිබුණි. ප.ව 5 වන විට හිම කුණාටුව ඔවුන් වෙත කඩා වැදුනේ ඔවුන් එය පැමිණේවි යැයි අපේක්ෂා කල වේලාවට වඩා පැයකට පමණ පෙරයි. හෝල් හා හැන්සන් මුදුනට ආසන්න පටු ප්‍රදේශයකදී එයට මැදි වූ අතර ඉතිරි පිරිස කදවුරු ප්‍රදේශයට අඩි 600ක් ඉහළදී එයට හසු විය. 

කුණාටුව අපේක්ෂා කල මට්ටමට වඩා දරුණු හා ප්‍රචණ්ඩ විය. කිසිදු උපකාරයක් නොමැති වූ ගවේෂක කණ්ඩායම් දෙකට සිදුවූයේ සිටගෙන සිටි තැනම ගුලි වීමටයි. සැබැවින්ම එය එවර්ස්ට් මුදුනේ ඇතිවූ විශාලම කුණාටු වලින් එකකි. හිම කුණාටු වලට මුහුණදී පල පුරුද්දක් තිබූ ෆිෂර් හා හෝල් වුවද එතරම් දරුණු තත්වයකට මින් පෙර මුහුණදී තිබුනේ නැත. හිම කුණාටුව කණ්ඩායමේ 8 දෙනෙකුගේ ජීවිත බිලිගන්නා ලදී. රාත්‍රිය පුරා සීතලේ ගල් ගැසී සිටි හැන්සන් උදෑසන වන විට අවසන් හුස්ම හෙලා තිබුණි. රොබ් හෝල් මියගියේ මරණය සමග දිනකට අධික කාලයක් සටන් වැදීමෙන් පසුවයි. අවසානයට මියගිය පුද්ගලයා ඔහු බව පැවසේ.

මාර්ගෝපදේශකයෙක් වූ ඇන්ඩි හැරිස්  (Andy Harris) හයිපොක්සියා රෝගයෙන් පීඩා විඳිමින් සිටි අයෙක් වූ අතර එය උත්සන්න වීමෙන් මියගොස් තිබුණි. මීට අමතරව Yasuko Namba, Tsewang Samanla, Dorje Morup, හා Tsewang Paljor යන අයද මිය ගොස් තිබුණි. අවසන් හුස්ම හෙලූ රොබ් හෝල් සැටලයිට් දුරකථනයකින් සිය බිරිද අවසන් වරට අමතා තිබුණි. ගැබිනියක් වූ ඇය සිය දරු ප්‍රසූතියට ආසන්නව සිටියාය. ඔහුගේ අවසන් වදන් පෙල වූයේ      

   “Sleep well my sweetheart. Please don’t worry too much.”              යන්නයි. නමුත් ඒ රොබ්ගේ අවසන් ඇමතුම බව ඇය කිසි විටකත් නොසිතා තිබුණි. කුණාටුවට අසුවී ගසාගෙන ගිය රොබ්ගේ සිරුර හමුවූයේ අඩි 12,000ක් ගැඹුරු ප්‍රපාතයක තිබියදීය.  මෙම අති බිහිසුණු අත්දැකීමෙන් දිවි ගලවාගත් කදු නගින්නන් තමන් මුහුණදුන් මේ අදුරු අත්දැකීම ලෝකයා හා බෙදාගත්තා. ඔවුන් පොත් කිහිපයක්ම රචනා කර ඇත. 1997දී මේ කදු තරණයට එක්වූ Outside සගරාවේ මාධ්‍යවේදී Jon Krakauer විසින් "Into Thin Air" නමින් මේ සිදුවීම පලකරනු ලැබුවා. එය එම වසරේ වැඩිම විකුණුම් වාර්තා කිරීමට සමත්වූ බව මූලාශ්‍ර වාර්තා කරනවා. මෙම සංචාරයට එක්වූ Mountain Madness කණ්ඩායමේ සමාජිකයෙකු වූ Anatoli Boukreev විසින් 1997 වර්ෂයේදීම The Climb : Tragic Ambitions on Everest නමින් ඔහුගේ අත්දැකීම ලියා පලකරන ලදී. 2000 වසරේදී හෝල්ගේ කණ්ඩායමේ සාමාජිකයෙකු වූ Beck Weathers විසින් Left for Dead: My Journey Home from Everest නම් කෘතිය හරහා ඔහුගේ අත්දැකීම පලකරනු ලැබුවා. මෙවැනි තවත් ලිපි හා කෘති කිහිපයක්ම මෙම සංචාරයෙන් දිවි ගලවාගත් පුද්ගලයින් විසින් ලියා තිබෙනවා. 

මෙම සිදුවීම පාදකකොටගෙන William Nicholson හා Simon Beaufoy 2015දී Everest සිනමාපටය නිර්මාණය කල අතර Baltasar Kormákur එය අධ්‍යක්ෂණය කලේය. වසරේ ජනප්‍රියම සිනමාපටයක් වු මෙය ඩොලර් මිලියන 55 කින් නිපදවූ අතර ඩොලර් මිලියන 203.4 ක අති දැවැන්ත ආදායමක් උපයන්න සමත් විය. සිනමාපටයේ දිගහැරුම හරහා ඉහත සිදුවීම ප්‍රේක්ෂකයා ඉදිරියේ සජීවීකරණය කොට ඇති අතර Jake Gyllenhaal, Kiera Knightley ඇතුලු රංගන ශිල්පීන් කණ්ඩායම සැබෑ චරිත වලට නැවත ජීවය සපයා ඇත.

සටහන මනුජිත් අබේරත්න