කියෝතෝව (Kyoto) පරමාණු බෝම්බයෙන් බේරාගත් සුන්දර මිනිසා "Henry Stimson"
ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ මධු සමයේ මතකය ජපානයේ කියෝතෝ නුවර පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් ගලවාගත් බව ලෝක ඉතිහාසයේ සදහන් වේ. ඔහු එවකට එක්සත් ජනපදයේ යුධ ලේකම් වරයා ලෙස කටියුතු කල හෙන්රි ස්ටිම්සන්ය (Henry Stimson)ය.
ජපානයට පරමාණුක බෝම්බ හෙලීමට ඇමරිකාව ගත් තීරණයෙන් පසුව යුධ සැලැස්මක් ඔස්සේ ජපානයට බෝම්බ හෙලන දින වකවානු, නගර, ගුවන් යානා හා ගුවන් නියමුවන් යන සියල්ල සකස් කරන ලදී. මෙය ලෝක ඉතිහාසයේ එල්ල කල දරුණුම ප්‍රහාරය බවට පත්වන බව ඔවුන් දැන සිටියහ. මෙම ලැයිස්තුව නිර්මාණය කර ඇත්තේ ඇමරිකානු හමුදා ජෙනරාල්වරුන්, හමුදා නිලධාරීන් සහ විද්‍යා වේදීන් එක්ව පිහිටුවා ගත් යුධ කමිටුවක් විසිනි.
ලෝක උරුම ස්ථාන 17 ක් ඇතුළුව බෞද්ධ විහාරස්ථාන සහ ෂින්ටෝ සිද්ධස්ථාන දෙදහසකට අධික සංඛ්‍යාවක් ඇති මෙන්ම ජපානයේ පුරාණ අගනුවර වන කියෝතෝ නගරය එම ලයිස්තුවේ ඉහළින්ම සිටියේය. හානිය ජපානය බිම හෙලා දැමිය යුතු වූ බැවින් ජනාකීර්ණ නගරයන්ට පහර දිය යුතු බව කමිටුවේ මතය වී තිබුණි. පරමාණු බෝම්බයක් යනු තවත් ආයුධයක් පමණක් නොවන බවත් එය මිනිස් ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් බව ජපනුන්ට තේරුම් ගත හැකි වන ලෙස විනාශය සිදුවිය යුතුබව ඔවුහු සිතූහ. මේ සදහා කියෝතෝව කදිම ඉලක්කයක් වීමට තවත් හේතු සාධකයක් වූයේ ප්‍රධාන කර්මාන්තශාලා හා විශ්ව විද්‍යාල ගණනාවක්ද එහි පිහිටා තිබීම නිසාවෙනි.
බෝම්බ හෙලීමේ ලයිස්තුවේ ඉහලින් තිබූනේ හිරෝෂිමා කියෝතෝ හා ටෝකියෝවේ. නමුත් 1945 ජූලි මස 24 වන දින කියෝතෝව ලයිස්තුවෙන් ඉවත් කොට නාගසාකි නගරය ඇතුලත් කරන ලදී. එම තීරණාත්මක වෙනස් කිරීමට හේතුවූයේ හෙන්රි ස්ටිම්සන් ලේකම් වරයායි. ටෝකියෝ නුවර ඒ වන විටත් ගුවන් ප්‍රහාර හේතුවෙන් අඩකට වඩා විනාශ වී තිබුනි. එයට පහර දීම නිශ්පල බවත් හිරෝහිටෝ අධිරාජ්‍යයාගේ මාලිගාවට පහර දීම පිළිබඳව සාකච්ඡා කළ නමුත් එක්සත් ජනපදය නිගමනය කළේ ජපානයේ ජීවමාන දෙවියෙකු ලෙස සැලකෙන මිනිසෙකුගේ මරණය යුද්ධය තවදුරටත් දිග්ගැස්සීමට හේතු විය හැකි බව කමිටුව නිගමනය කල බැවින් එයද ලයිස්තුවෙන් ඉවත් විය.
කොකුරා, නයිගාටා හා යොකහමා යන නගරද ලයිස්තුවට ඇතුලත් වූ අතර අගෝස්තු 9 නාගසාකි වෙත එල්ල වූ පරමාණුක බෝම්බයේ මුල් ඉලක්කය වූයේ කොකුරා නගරයයි. කොකුරා වෙත ලගාවීමේදී ඇති වූ පාරිසරික අපහැදිලිතා නිසා ඉලක්කය ලබාගැනීමට අපහසු වූ බැවින් Bockscar යානය දෙවන ඉලක්කය වූ නාගසාකි වෙත ගිය බව පැවසේ. යොකහමා හා නයිගාටා නගර වලට පහර දීමට පෙර ජපන් අධිරාජයා යටත් විය.
ලයිස්තුව සකස් කිරීමේදී කියෝතෝ නගරය එයට ඇතුලත් කිරීම පිලිබද යුද ලේකම් හෙන්රි ස්ටිම්සන් තදින් විරුද්ධ විය. විනාශය යුද්ධයේ අවසානය විය යුතුවූ නමුන් ලෝක උරුමයම් මෙන්ම සිද්ධස්ථාන රැසක් ඇති සුන්දර නගරයක් වූ කියෝතෝව මතු පරම්පරාවන්ට දැකගැනීමට රැකගත යුතු බව ඔහු කියා සිටියේය. ඔහුගේ තනතුරේ බලයෙන් ඔහු නගරය ලයිස්තුවෙන් ඉවත් කලද යුධ හමුදා නායකයින් එයට විරෝධය පෑ බැවින් කමිටුව නැවතත් කියෝතෝව ලයිස්තුවට ඇතුලත් කරන ලදී.
ඉන් නොනැවතුනු හෙන්රි ස්ටිම්සන් ඉන්පසු ගියේ ජනාධිපතිවරයා වෙතයි. කියෝතෝහි සංස්කෘතික වැදගත්කමක් ඇති බවත් එය මිලිටරි ඉලක්කයක් නොවන බවත් ඔහු තර්ක කළේය. මෙට සුදුවුවහොත් ජපානයේ උරුමය වැනසීමෙන් ජපන් වැසියන් සදාකාලිකව ඇමරිකාව හා උරන වනු ඇති බවත් ඉන් ජපාන පාලකයන්ගේ වැරදි යටයා හැකිබව ඔහු පෙන්වා සිටියේය. ජනාධිපතිවරයා ඔහුගේ ඉල්ලීම තර්කානුකූල බව පිලිගත් අතර කියෝතෝව ලයිස්තුවෙන් ඉවත්කරන ලෙස නියෝග කලේය.
මෙලෙස කියෝතෝව වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටීමට හෙන්රි ස්ටිම්සන්ට හේතු කිහිපයක් තිබුණි. හෙන්රි 1920 ගණන්වල පිලිපීනයේ ආණ්ඩුකාරවරයා ලෙස කටියුතු කල අතර කිහිපවිටක්ම කියෝතෝ වෙත සංචාරය කර තිබුනි. ඔහු එම නගරයට කෙතරම් ඇලුම් කලේදයත් ඔහු විවාහයෙන් පසු මදුසමය ගත කිරීම සදහාද කියෝතෝවට පැමිණ තිබුණි.
නමුත් අවාසනාවට කරුණක් වූයේ ඔහුගේ මෙම ප්‍රයත්නයට නිසි ගරුත්වයක් නොලැබීමයි. ඔහු විසින් විශාල පරිස්ශ්‍රමයක් යොදා බේරාගත් නගර වැසියන් අදටත් විශ්වාස කරනු ලබන්නේ ඔවුන්ව රැකගත්තේ ඇමරිකානු පුරා විද්‍යාවේදියෙකු වූ ලැන්ග්ඩන් වෝනර් මිස ඇමරිකානු යුද ලේකම්වරයා නොවන බවයි. වෝනර්ද මේ සම්බන්ධව කටියුතුකොට තිබූ නමුත් ඔහුට සෘජුව ජනාධිපතිවරයාට අභියෝගකිරීමේ හැකියාවක් නොතිබූ බව පැවසේ. තවද යුධ කමිටුව කිසිවිටෙකත් පුරාවිද්‍යාවේදියෙකුගේ අදහසකට හිස නොනමන බව ප්‍රසිද්ධ මතයයි. කෙසේ නමුත් කියෝතෝ හා කොකුරා හී වෝනර් සිහිවීමට ස්මාරක පවා ඉදිකොට තිබේ. හෙන්රිට මෙම ගරුත්වය අහිමිවූයේ ඔහු යුද්ධදයට ඍජුව සම්බන්ධ වූ නිලධාරියෙකු නිසා විය හැක. සමහරවිට කියෝතෝව දශක ගණනාවක් තිස්සේ බේරා ගැනීමේ ගෞරවය තවත් මිනිසෙකු ලබාගත්තා විය හැක.
සටහන මනුජිත් අබේරත්න