දින 44ක් අමානුෂික ලෙස දූෂණය කල ජුන්කෝ ෆුරූටාගේ අනුවේදනීය කතාව
ජුන්කෝ ෆුරූටා යනු 16 හැවිරිදි ජපන් ජාතික දැරියකි. 1989 ජනවාරි 4 වන දින ඇය සිය ම්ලේච්ඡ ඝාතනයන් අතින් මිය යන විට දින 44ක් තුල ආසන්න ලෙස 500 වතාවක් දූෂණයට ලක්වී තිබූ බව සදහන් වේ. එමෙන්ම බාල වයස්කාරියක් වූ ඇය ලෝක ඉතිහාසයේ ඉතාමත්ම අමානුෂික ලෙස දූෂණය කොට මරාදැමූ යුවතිය ලෙස සැලකේ.
ජුන්කෝ ෆුරූටා ජපානයේ සයිටාමා ප්‍රාන්තයේ මිසාටෝහි උසස් පාසලක ඉගෙනුම ලැබූ සුන්දර පෙනුමක් ඇති, ක්‍රියාශීලී යෞවනියක් වූ අතර ඇය බොහෝ අයගේ අවධානයට ලක් වූ අතර සමහරුන් ඇයට ඊර්ෂ්‍යා කළහ. ඇය දුම් පානය කළේ නැත, මත්පැන් හා මත්ද්‍රව්‍ය පානය නොකළ අතර ජපානයේ ප්‍රකට පාතාල කල්ලියක් වූ යකූසා සමග සමීප සම්බන්ධකම් ඇති හියෝෂි මියානෝ නම් තරුණයෙකුගේ ඇස ඇය වෙත යොමුවී තිබුණි. ඔහු ඊට පෙරද පාසැලේ ශිෂ්‍යාවන් කිහිප දෙනෙකු අතවරයට ලක් කොට තිබූ නමුත් යකූසාට ඇති බිය නිසා කිසිවෙකු ඔහුට විරුද්ධ වුයේ නැත. ජුන්කෝ, හියෝෂිව ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කල අතර අනෙක් සිසුන් ඉදිරියේ ඔහුට තම විරුද්ධ බව කිහිප විටක් ප්‍රකාශ කිර තිබුණි.
මෙම සිදුවීම් වලින් කුපිතව සිටි හියෝෂි හා ඔහුගේ සහචර සිසුන් තිදෙනෙක් විසින් 1988 නොවැම්බර් 25 දින ජුන්කෝව පැහැරගෙන යන ලදී. ටෝකියෝ හී අඩාචි හී අයේස් දිස්ත්‍රික්කයේ පිහිටි නොබුහාරු මිනාටෝ නම් පැහැර ගෙන යාමට සම්බන්ධ වූ තරුණයෙකුගේ දෙමව්පියන් සතු නිවසකට රැගෙන යන ලදී. එය හුදකලා නිවසක් වූ අතර ජුන්කෝට සිය දෙමව්පියන් අමතා තමා මිතුරෙකු සමග පැන ආ බවත් තමා පිලිබද නොසොයන ලෙසත් ප්‍රකාශ කිරීමට බල කරන ලදී. මිනාටෝගේ දෙමව්පියන් කිහිප වරක් නිවෙසට පැමිණි නමුත් ඇයව හියෝෂිගේ පෙම්වතිය ලෙස හදුන්වා දුන් අතර හියෝෂිට ඇති බිය නිසා ඔවුන් ඒ පිලිබදව පොලීසිය දැනුවත් කලේ නැත. කෙසේ නමුත් ජුන්කෝගේ දෙමව්පියන් නොවැම්බර් 27 දින ඇය අතුරුදහන් වී ඇති බවට පොලීසිය දැනුවත් කරන ලදී.
නිවසේ රදවා සිටියදී ඇය දින 44 පුරාවට ම්ලේච්ඡ, කුරිරු හිංසනයන්ට ලක්විය. සාමාන්‍ය ගැහැනියකට විදීමට නොහැකි තරම් හිරිහැර ඈ අත්විදින ලදී. ඇයව බොහෝ නිරුවතින් තබන ලදී. අසාමාන්‍ය ලිංගික අතවරයන්ට ලක් වූ ඇය දින 44 තුල පුද්ගලයන් 100 දෙනෙකු පමණ දූෂණය කර තිබුනි. යකූසා සබදතා ඇති හියෝෂි 16 වියැති තරුණියක් රැගෙන ආ බව පවසා යකූසා සාමාජිකයන්ට ඇයව දූෂණය කිරීමට ආරාධනා කර ඇත. යම් දිනයන්හීදී ඇයව පුද්ගලයින් 12 විසින් දූෂණය කල බවට වාර්තා කර ඇත. ජපාන පාතලයේ බලපුලුවන්කාරකම හියෝෂි ඇගෙන් පලිගැනීමට යොදාගත්තේය.
ඇයට ගොල්ෆ් පිති වලින් පහර දී තිබුණි. ව්‍යායාම කිරීමට යොදාගන්නා ඩ්ම්බෙල් ඇගේ බඩ මතට අතහැර තිබූ අතර එම නිසා ඇගේ බඩවැල් තැලී පාලනයෙන් තොරවී තිබුණි. ඇයව බෑගයක දමා සිවිලිමේ එල්ලා බොක්සිං බෑගයක් ලෙස යොදාගෙන පහර දී තිබුණි. බොහෝ විට, ඇගේ ස්ත්‍රී දූෂකයන් සක්‍රීය කිරීම සඳහා, ඔවුන් හෝ ඔවුන්ගේ අමුත්තන් ඉදිරිපිට ස්වයංවින්දනය කිරීමට ඇයට බල කෙරුනි. බෝතල්, යකඩ පොලු ,කතුරු ග්‍රිල් වැනි විවිධාකාර දෑ ඇගේ යෝනිමාර්ගයට ඇතුල්කර තිබූ බවත් ඇගේ මුත්‍රා ඇයටම පොවා තිබුනු බවත් සදහන් වේ. සජීවී කැරපොත්තන් ආහාරයට ගැනීමට දී තිබේ.
ඇයව ශීතකරණයක දමා තිබූ බවත්, ඇගේ ඇස්වලට ඉටි වක්කර තිබූ බවත් ඇගේ ලිංග ඉන්ද්‍රයන් සිගරට්, ලයිටර් වලින් පිලිස්සූ බවත් ඇගේ යෝනියට අතුල් කල බල්බයක් වරක් පුපුරාගිය බවත් පාපොච්චාරණයේදී ඇගේ ඝාතකයන් පවසා තිබුණි. වරක් ඔවුන් මත්පැන් පානය කරමින් සිටින විය ඇය පොලීසිය ඇමතීමට උත්සහදරා ඇති අතර එය අසුවූ පසු ඇගේ කකුල් වලට ගිනිතැබූ බව ඔවුන් කියා තිබේ. කකුලේ දරුණු පිළිස්සුම් හා දරුණු ලෙස තැළුණු මාංශ පේශි නිසා දින 20 කට පසු ඇයට ඇවිදීමට නොහැකි වී තිබේ. ඇගේ ගුද මර්ගය කැපූ බෝතලයකින් තුවාලකොට දමා තිබී ඇත.
දින තිහක් පමණ වන විට ඇය සම්පූර්නයෙන් අක්‍රීයව සිටි අතර අභ්‍යන්තර අවයව හානිවීම නිසා ඇය සියල්ල වමනේ ගොස් ඇත. විජලනය වීමෙන් හා මන්දපෝෂණයෙන් ඇය පීඩා විද ඇත. රුධිර වහනය නිසාවෙන් දින 44 ඇය ජීවත් වීමද හාස්කමකි. ඇය කිහිපවිටක් ඇයව මරාදමන ලෙස ඉල්ලා ඇති නමුත් ඔවුන් ඇයව ඝාතනය නොකර තවදුරටත් හිංසාකොට ඇත. ඒ වෙනුවට, 1989 ජනවාරි 4 වන දින, ඔවුන් ඇයට මහජොං සොලිටෙයාර් ක්‍රීඩාවකට අභියෝග කළ අතර එය ජයග්‍රහණය කලහොත් ඇයව මරාදමන බවට ඔවුන් පවසන ලදී. ඇය ඉන් ජයග්‍රහණය කල නමුත් ඔවුන් ඇය මරාදැමීම වෙනුවට ඇයට තවදුරටත් පහර දී ඇත. ඉන් කම්පනයටපත් ඇය එදින මියයන ලදී.
මිනීමරුවන් විසින් මියගිය ඇගේ සිරුර ගැලුම් 55ක බැරලයක බහා කොන්ක්‍රීට් පුරවා ටෝකියෝවේ කොටෝනම් ප්‍රදේශයේ අත්හැර දමන ලදී. 1989 ජනවාරි 23 දින හියෝෂි මියානෝ හා ජෝ ඔගුරා යන තරුණයන් 19 හැවරදි තවත් තරුණියක් දෙසැම්බර් මාසයේදී පැහැරගෙන් ගොස් සමූහ දූෂණයට ලක්කිරීමේ සිදුවීමකට අත්අඩංගුවට ගන්නා ලදී. මාර්තු මාසයේදී ඔවුන්ගේ නිවෙස් සෝදිසිකිරීමේදී ලේ තැවරුනු කාන්තා යට ඇදුමක් පොලිස් නිලධාරීන්ට හමු වූ අතර ඔවුන් හියෝෂි විසින් සිදුකල ඝාතනයන් සම්බන්ධව තමන් දන්නා බව ඔහුට සිතාගැනීමට කරුණු සකසන ලදී. ජෝ ඔගුරා විසින් ජුන්කෝගේ ඝාතනය පිලිබද සියල්ල හෙලිකර ඇතිබව සිතූ හියෝෂි ඇගේ සිරුර සගවා ඇති ස්ථානය පිලිබද කරුණු හෙලි කලේය. ඒ සමග මෙම දරුණු ඝාතනය පිලිබද සියල්ල අනාවරණය කරගන්නා ලදී.
වැරදිකරුවන් සිව්දෙනාම අල්ලා නඩු විභාගයට භාජනය විය. කෙසේ වෙතත්, අපරාධය සිදු කරන විට ඔවුන් සියල්ලන්ම බාල වයස්වල පසුවූ හෙයින්, ඔවුන් බාල වයස්කරුවන් ලෙස නඩු විභාගයට ලක් කළ යුතු වූ නමුත් වැඩිහිටියන්ට ලෙස දඩුවම් නියම කරන ලදී. ඔවුන්ගේ අපරාධවල බරපතලකම සැලකිල්ලට ගත්කල ලබා දී දඩුවම තරමක් ලිහිල් බවකින් යුක්තය. හියෝෂි හැර ඉතිරි තිදෙනාම වයස අවුරුදු 16 හා 17 යන වයස්වල යුක්ත වූ බැවින් වසර 8කට අඩු සිරදසුවම් පැණවූ අතර වයස අවුරුදු 18ක් වූ හියෝෂි මියානෝට වසර 17 ක සිර දඩුවමක් නියම කරන ලදී. ඔහු නැවත අභියාචනයක් ඉදිරිපත් කල අතර විනිසුරු රියාජි යනාස් නම් අය එය අඩු කරනු වෙනුවට වසර 20ක් දක්වා දීර්ඝ කරන ලදී. ඇගේ ඝාතනයන් අද වන විට නිදහස ලබා ඇත.
ඔවුන්ට අමතරව ඇගේ සිරුර පරීක්ෂා කිරීමේදී හමුවූ ශුක්‍රාණු හා කෙස් මගින් කොයිචි ඉහාරා හා ටෙට්සූ නකමූරා යන යකූසා කල්ලි සාමාජිකයින්ද අත් අඩංගුවට ගන්නා ලදී. 1989 April 02 දින ඇයගේ අවසාන කටියිතු සිදු කරන ලදී. එහිදී ඇගේ පියා පැමිණ සිටි පිරිස ඉදිරියේ ඇය දෙස බලා මෙලෙස පැවසා තිබුණි.
"ජුනි-චාන්, නැවත සාදරයෙන් පිළිගනිමු. මම ඔබව නැවත මේ ආකාරයෙන් දකිනු ඇතැයි සිහිනෙන්වත් නොසිතුවෙමි. ඔබ බොහෝ වේදනාවෙන් ... බොහෝ දුක්විඳින්නට ඇත .... අපි ඔබව කිසිදා අමතක නොකරමු. ප්‍රධාන ගුරුවරයා ඔබට උපාධි සහතිකයක් ලබා දී ඇති බව මා අසා ඇත. ඉතින් අපි දෙන්නා එකට උපාධිය ගත්තා. ජුන්-චාන්, තවත් වේදනාවක් නැත, දුක් වේදනා නැත. ඔබ සාමයෙන් ඉන්න"
ජුන්කෝ ෆුරූටාගේ මෙම සිදුවීම පිලිබද පොත් කිහිපයක්ම රචනා වූ අතර 2004 දී Concrete නම් සිනමාපටය නිර්මාණය විය. 2016 දී Junko නම් සිනමාපටද නිර්මාණය විය. All Night Long නමින් නිර්මාණය වූ ඝාතන චිත්‍රපට මාලාවේ එක් කොටසක් ඇය වෙනුවෙන් වෙන්විය.
සටහන මනුජිත් අබේරත්න